කොමිෂන් සභාවේ කාර්ය සහ කර්තව්‍යයන්
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ පොදු අධිකාරීන්ට පවරා ඇති කාර්යයන් නිසි ලෙස ඉටුකරන්නේ ද සහ පනතට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීම සහ පොදු අධිකාරියක් සම්බන්ධයෙන් සාමාන්‍ය සමාලෝචන හා සුවිශේෂී සමාලෝචන සඳහා නිර්දේශ සිදුකිරීම, තොරතුරු ලබාදීම සඳහා සාධාරණ ගාස්තු නිර්ණයට පොදු අධිකාරීන් වෙත මාර්ගෝපදේශන ලබාදීම, තොරතුරු නොමිලේ ලබාදිය හැකි අවස්ථා නියම කිරීම, ගාස්තු උපලේඛනය නියම කිරීම, රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා ඒවාට සහයෝගය ලබාදීම, පනත යටතේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ප්‍රසිද්ධ කිරීම, සහ පොදු අධිකාරීන් සඳහා වාර්තා නිසි පරිදි පවත්වාගෙන යාමට මාර්ගෝපදේශ නිකුත් කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්ය සහ කර්තව්‍යයන්ට අයත් වේ. (14 වගන්තිය)
කොමිෂන් සභාවේ බලතල
පනත යටතේ අභියාචන විභාගයන් සහ පරීක්ෂණ පැවැත්වීමට කොමිෂන් සභාවට බලය තිබේ. දිවුරුමකට යටත්ව, තැනැත්තෙකුගෙන් ප්‍රශ්න කිරීමට, ඔහු /ඇය සන්තකයේ පවතින ඕනෑම තොරතුරක් (විශ්වාසනීය තොරතුරු හැර) ඉදිරිපත් කරන ලෙසට නියම කිරීමට කොමිෂන් සභාවට තිබෙන බලය ද මෙයට අයත් ය. තවද පනත යටතේ ව්‍යාතිරේඛී විධිවිධාන මගින් ආවරණය වන්නේ යැයි සැලකිය හැකි තොරතුරු ද ඇතුළත්ව පොදු අධිකාරියක් සන්තකයේ පවතින ඕනෑම තොරතුරක් පරීක්ෂා කිරීමට ද කොමිෂන් සභාවට බලය ඇත. තවද යම් නිශ්චිත ආකෘතියකින් තොරතුරු සපයන ලෙස පොදු අධිකාරියක් වෙත විධාන කිරීමට/පොදු අධිකාරියක් විසින් රඳවා තබාගෙන ඇති තොරතුරු (ව්‍යාතිරේඛී අවස්ථාවන්ට විෂය වන තොරතුරු හැර) මහජනයා වෙත ප්‍රසිද්ධ කරන ලෙස විධාන කිරීමට කොමිෂන් සභාවට බලය ඇත. තොරතුරු සැපයීම ප්‍රමාද වන අවස්ථාවදී පුරවැසියාගෙන් අය කළ ගාස්තුව නැවත ගෙවන ලෙසට පොදු අධිකාරියට විධාන කිරීමට ද කොමිෂන් සභාවට හැකියාව තිබේ. (15 වගන්තිය)