පිළිගැන්වීම – ශ්රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග, 2020 - එක්සත් ජාතීන්ගේ ප්රධාන තිරසර සංවර්ධන දර්ශක යටතේ වර්ගීකරණය
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන දර්ශක අනුව ‘ශ්රී ලංකා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා නියෝග’ පිළිවෙලට සැකසීම හා වගුගත කිරීම අදියර දෙකකින් සිදු කරන ලද අතර ඒ අනුව 2017-2019 හා 2020-2021 කාලය තුළ ප්රකාශිත නියෝග පිලිවෙලින් වගුගත කරන ලදී. මෙම කාලසීමාව තුළ තීරණය කරන ලද දහසකුත් නියෝග අතරින් එකී නියෝග සියල්ල පිළිබිඹු වන පරිදි මහජන සුබසිද්ධිය යන තේමාව පදනම් කරගනිමින් මෙම නියෝග තෝරා ගෙන ඇත.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස් ජේෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධනගේ අධීක්ෂණය යටතේ නීතිඥ ඉන්ශිරා ෆාලික්, නිවේදා,ජෙයසීලන්, ක්රිජා සිවකුමාර්, ෆස්නා මිස්කින්, දිලෙන්ද්රි ඩයස්, හංසිනි විජේසිංහ, ආලෝකා පල්ලේගම සහ නස්රීන් ජාන් යන අයගෙන් සමන්විත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාවේ පර්යේෂකයන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම නියෝග සාරාංශගත කිරීම, පරිවර්තනය සහ වගුගත කිරීම සිදු කරන ලදී.
නියෝග සිංහල භාෂාවට පරිවර්තනය කිරීම තවමත් සිදු වෙමින් පවතින අතර මෙහි උඩුගත කර ඇත්තේ එහි පළමු කොටස වේ. නියෝග දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සිදු වෙමින් පවතී.
ශ්රී ලංකා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මෙම උත්සාහය සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් ලබා දෙන ලද සහයෝගය ගෞරවයෙන් අගය කර සිටින්නෙමු.









rti.commission16@gmail.com
011 2691625 / 011 2678980
011 2691625