වාර්තා කළමනාකරණය සහ 07 වන වගන්තිය ට අදාළ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ පිළිබඳ උපදේශනය
2017 අගෝස්තු 08 වන දින තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 07 වන වගන්තිය යටතේ වාර්තා කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශයන් කෙටුම්පත් කිරීම පිළිබඳව විශේෂ උපදේශන වැඩසටහනක් පවත්වන ලදි. මීට සහභාගීවූවන් අතර, කොමිෂන් සභාවේ සාමාජිකයින්, කොමිෂන් සභාව වෙත අනුයුක්තව සිටින නීති උපදේශකවරුන්, නීති පර්යේෂකයන් මෙන්ම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආයතන අංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ස්වදේශ කටයුතු අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව යන ආයතනයන්හි නියෝජිතයින් ද වේ.
මෙහිදී පනත මගින් නියම කර ඇති පරිදි වාර්තා කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් කෙටුම්පත් කිරීමේ කර්තව්යය ඉදිරියට ගෙන යෑම පිණිස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ප්‍රධාන නියෝජිතායතනයන් ඇතුළු උප කමිටුවක් පිහිටුවීමට එහිදී තීරණය කරන ලදී.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ස්වාධීන කොමිෂන් සභාවන්හී නියෝජිතයින් සමග තොරතුරු දැන්ගැනීමේ කොමිෂන් සභාව විසින් 30/06/2017 දින පවත්වන ලද උපදේශනය
ඉදිරියට - 2016 අංක 12 දරන තොරතුරු දැන්ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ක්‍රියාකාරී හෙළිදරව් කිරීම් (8 සහ 9 වගන්ති) සහ පොදු අධිකාරීන්හී වාර්තා ආකෘති (10 වගන්තිය) සඳහා කෙටුම්පත් මාර්ගෝපදේශන පිළිබඳ කොමිෂන් සභාවේ පොදු උපදේශන.