- තොරතුරු දැනගැනීමේ පනතේ 24(1) වගන්තිය අනුව පොදු අධිකාරිය වෙත මුල් අවස්ථාවේදී තොරතුරු ඉල්ලීමක් විද්‍යුත් තැපෑලෙන් (ඊ මේල් මගින්) ඉදිරිපත් කළ හැක.
- කෙසේ නමුත් තොරතුරු කොමිෂන් සභාව වෙත කරනු ලබන අභියාචනයක් (ඇපෑලක්) විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා යැවිය නොහැක.
- 2004/66 දරණ, 2017.02.03 දින ගැසට් කරන ලද අභියාචන සහ ගාස්තු කාර්යපටිපාටියේ 13(2) රීතිය අනුව මෙවැනි අභියාචනයක් (ඇපෑලක්) යැවිය හැක්කේ ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව ගොස් භාරදීම (නිසිලෙස බලය ලබාදුන් නියෝජිතයෙකු මගින් එවීම ද ඇතුළත්ව) මගින් පමණි.
- කොමිෂන් සභාව වෙත විද්‍යුත් තැපෑලෙන් (ඊ මේල් මගින්) අභියාචන එවීමට අවසර නොමැත්තේ අභියාචනයේ මෙම දෙවැනි අදියරේදී වංචාවන් සහ අවනිදේශනයන් (වැරදි නියෝජනයන් හෙවත් සාවද්‍ය කරුණු ඉදිරිපත් වීම්) සිදුවීම වළක්වා ගැනීම සඳහා ය.
- පොදු අධිකාරියක නම් කරන ලද නිලධාරියෙක් සිටියි නම් තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනය කළ හැක්කේ නම් කළ නිලධාරියා වෙත අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණි.
- නම් කළ නිලධාරියෙක් නොමැති නම්, 2016.10.10 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අංක 01/2016 දරණ චක්‍රලේඛයේ විෂයපථය අනුව දෙපාර්තමේන්තු/ආයතන/අංශ ප්‍රධානියා නම් කළ නිලධරයා බවට පත්වෙයි.
- නම් කළ නිලධරයාගෙන් ප්‍රතිචාරයක් නොමැති නම්, එම ප්‍රතිචාරය ලබාදිය යුතුව තිබූ සති තුනක කාලපරිච්ඡේදයෙන් පසුව කොමිෂන් සභාව වෙත අභියාචනය කළ හැකිය.
- පොදු අධිකාරියක් විසින් තොරතුරු නිලධරයෙකු හෝ නම්කළ නිලධරයෙකු පත් කර නොමැති නම් මෙවිට තොරතුරු ඉල්ලා සිටින්නා ට එම පොදු අධිකාරියේ ප්‍රධානියා/ප්‍රධාන විධායක නිලධරයා වෙත (පනත යටතේ තොරතුරු නිලධරයා බවට පත්වන) ඉල්ලීමක් ඉදිරිපත් කර ඉන්පසු කෙළින්ම කොමිෂන් සභාව වෙත පැමිණිය හැකිය.
- කොමිෂන් සභාව වෙත එවන අභියාචනාවක් පනතේ 3(1) වගන්තියට අනුකූලතාවය පිළිබිඹු කරන පුරවැසිභාවය ප්‍රකාශ කිරීම පිළිබඳ කරුණ ද ඇතුළත් ව සහ නම් කළ නිලධරයාට යවන ලද අභියාචනයෙන් ද සමන්විත විය යුතුය.
අභියාචන සම්බන්ධයෙන් වන වැදගත් නිවේදන 27.06.2017
මෑත කාලීන අභියාචනා තීන්දු (2024 - 2026)
2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩු
අභියාචක සහ පොදු අධිකාරීන් වෙත නොතීසි යැවීම සඳහා භාවිතා කරනු ලබන විද්‍යුත් තැපැල් ලිපිනයන්
Important Decisions in Appeal (2023)
Release of Information in Public Interest Appeals/Substantive Documents (SELECTED)
Judgements of the Court of Appeal on Decisions of the RTIC
මෑත කාලීන අභියාචනා තීන්දු (2022)
Global Information Commissioners Meet in Tirana, Albania, June 2024; RTI Commissioners Kishali Pinto-Jayawardena and Jagath Liyana Arachchi at the sessions.
"Notable Developments in the Progress of the Right to Information Regime in Sri Lanka 2024 - 2025"
Global Information Commissioners Meet in Manila, June 2023 - RTI Commissioner Kishali Pinto-Jayawardena speaks at plenary sessions







rti.commission16@gmail.com
011 2691625 / 011 2678980
011 2691625