හර්ෂ ප්‍රනාන්දු මහතා වාණිජ්‍ය නීතිය, ගිවිසුම් නීතිය සහ නියාමන නීති යන විෂයන් හි විශේෂඥ දැනුමක් සමග වසර 20කට අධික අත්දැකීම් සහිතය. ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික වැඩසටහනේ පාලන උපදේශකවරයා වශයෙන් ද, ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥවරයෙක් වශයෙන් ද ඔහු කටයුතු කළේය. ශ්‍රී ලංකා මහබැංකුව, විදුලි සන්දේශ හා නියාමන කොමිෂන් සභාව සහ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ මහලේකම්වරයා වශයෙන් ද ඔහු සේවය කළේය.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන අතර, අන්තර්ජාතික අධ්‍යයනය පිළිබඳ බණ්ඩාරනායක කේන්ද්‍රයේ එක්සත් ජාතීන්ගේ සරසවිය සමග සහයෝගීව මෙහෙයවූ "ගැටුම් නිරාකරණය පිළිබඳ කුසලතා" වැඩසටහනේ බාහිර කථිකාචාර්වයෙක් වශයෙන් ද කටයුතු කළේය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ උසස් නීති අධ්‍යයනය පිළිබඳ ආයතනයේ කථිකාචාර්යවරයෙක් ද වන ඔහු, ආසියානු ෆෙඩරේෂනයේ ඉන්දීය යටිතල පහසුකම් නියාමකවරුන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන්වල, අන්තර්ජාතික සංවර්ධන නීති සංවිධානය සහ ලන්ඩනයේ ක්වීන් මේරි සරසවියේ ද කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරයි.
සිංගප්පූරුවේ නනිනැංග් තාක්ෂණික සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය සම්බන්ධ පශ්චාත් උපාධියක් දරන ඔහු, MIT හි කළමනාකරණය පිළිබඳ සෝලාන් පීඨයේ විධායක පශ්චාත් උපාධියක් සහ ලන්ඩනයේ කිංස් කොලෙජ් ආර්ථික නියාමනය පිළිබඳ පශ්චාත් නීති උපාධියත් ලබා ඇත. සිංගප්පූරුවේ භ්බහ්බට අධිශිෂ්යත්වධාරියෙක් සහ එක්සත් රාජධානියේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේ ක්යැඩැබසබට ශිෂ්‍යත්වලාභියෙක් ද වේ. තවද ඔහු 2011 වසරේදී Junior Chamber International හි නීති පරිපාලන අංශයෙන් විශිෂ්ටතම තරුණ පුද්ගලයා වශයෙන් ද නම් කරන ලදී.
ප්‍රශාන්ති මහින්දරත්න සෑම නීති ක්ෂේත්රයකම අත්දැකීම් බහුල නීතිඥවරියකි. 2002 වසරේ පටන් නෙදර්ලන්තයේ හේග් නුවර යුධ අපරාධ අධිකරණයේ අභිචෝදන කටයුතුවල නිරත වී සිටි ඈ 2011 වසරේදී Julius & Creasy නීතිඥ සමාගමේ නීති උපදේශිකාව ලෙස පත් කෙරිණි. ඇය විසින් සරයේවෝ (සරජීවෝ) වැටලීම, දුබ්රොව්නික් හි ෂෙල් ප්‍රහාර, ක්‍රොයේෂියාවේ වාර්ගික ශෝධනය වැනි යුධ අපරාධ සම්බන්ධව ප්‍රධාන පෙළේ යුධ අපරාධ අභිචෝදන කටයුතු සහ සර්බියා ජනපති ස්ලොබොදාන් මිලොසෙවික් ට එරෙහිව යුධ අපරාධ නඩුව ද මෙහෙයවූවාය. හේග් හි නිල කාලයට පෙර ඇය, අපරාධ අභිචෝදන සහ සිවිල්, වාණිජ්‍ය සහ කම්කරු ආරාවුල්වලට අදාළ නඩු කටයුතු මෙහෙයවමින් වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරියක් වශයෙන් සේවය කළාය.
තවද ඇය, උතුරේ යුධ කලාපයේ හමුදා සාමාජිකයන් විසින් සිවිල් වැසියන්ට එරෙහිව සිදුකළ ප්‍රධාන පෙළේ යුධ අපරාධ සම්බන්ධයෙන්” ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණ හා ඝාතන නඩුව සහ තවත් නඩු ගණනාවක අභිචෝදන කටයුතු සඳහා පෙනී සිටියාය.
1990 වසරේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව සමත් වූ ඇය, පොදු අන්තර්ජාතික නීතිය, අන්තර්ජාතික මානුෂවාදී නීතිය සහ අන්තර්ජාතික අපරාධ නීතිය සම්බන්ධයෙන් නිව්යෝක් සරසවියේ නීති විද්‍යාලයෙන් සහ ලන්ඩන් සරසවියෙන් ලබාගත් පශ්චාත් උපාධි දෙකකට හිමිකම් කියයි. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කොළඹ සරසවියේ ඩිප්ලෝමාධාරිනියක් වන ඇය, කේම්බි්රජ් සරසවියෙන් උසස් උපදේශන ක්රමෝපායන් පිළිබඳ පුහුණුවක් ද ලබා ඇත. තවද ඇය ්Hauser Global සහ British Chevening ශිෂ්යත්වධාරිනියකි.
Prashanthi Mahindaratne, is an experienced litigator in all spheres of the law was appointed as Counsel for the Law Firm, Julius & Creasy in July 2011, having served as a Prosecutor at the United Nations War Crimes Tribunal, in The Hague, Netherlands (UNICTY) since 2002. She conducted high level war crimes prosecutions in The Hague, such as the crimes committed in the siege of Sarajevo, the shelling of Dubrovnik, ethnic cleansing in Croatia and the case against the former President of Serbia, Slobodan Milosevic. Prior to her tenure in The Hague, Prashanthi served as State Counsel of the Attorney General’s Department of Sri Lanka for over 10 years, conducting criminal prosecutions and litigating civil, commercial and labour disputes.She also prosecuted the high profile war crimes trial in Sri Lanka against military personnel for crimes committed against civilians in the war zone in the North - the case of Rape and Murder of Krishanthi Kumaraswamy and others.
Prashanthi passed out of Sri Lanka Law College in 1990 with First Class Honours and holds two LL.M degrees in Public International Law, International Humanitarian Law and International Criminal Law from the New York University School of Law and the University of London. She holds a diploma in Forensic Medicine and Science from the University of Colombo and has received training in advanced advocacy techniques at the Cambridge University. She is a Hauser Global Scholar and a British Chevening Scholar.
මතුරි තමිල්මාරන් අන්තර්ජාතික මානව හිමිකම් නීතිය පිළිබඳ වෘත්තීය අත්දැකීම් සහිත නීතිඥවරියකි. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරිනියක් වන අතර American University Washington College of Law (WCL) හි පශ්චාත් උපාධිධාරිනියකි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ක්‍රියාවලිය, අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවෝ සහ පශ්තාත් යුධ ශ්‍රී ලංකාවේ යෝග්‍ය නිවාස ලැබීමේ අයිතිවාසිකම සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික නීති යටතේ ස්ත්රීන්ගේ ඉඩම් හිමිකම පිළිබඳ ශාස්ත්‍රී ලිපි ගණනාවක් රචනා කර ඇත.
වඩාත්ම මෑතකාලීනව, පසුගිය ජනවාරියේ ආණ්ඩුව වෙත ලබාදුන් සංහිඳියා කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කළ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්යසාධක බලකායේ පර්යේෂිකාවක් වශයෙන් ඇය කටයුතු කළාය. 2010 වසරේ නීතිඥවරියක් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඇය විසින් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ මානව හිමිකම් නඩු කටයුතුවලට සම්බන්ධව කටයුතු කර ඇත.