පරිශීලකයන්ගේ ඇගයුම:  5 / 5

සක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්න
 

ප්‍රශ්න සහ පිළිතුරු

1. ‘තොරතුරු දැනගැනීමට ඇති අයිතිය’ (RTI) යනු කුමක්ද?
‘තොරතුරු දැනගැනීමට ඇති අයිතිය’ යන්නෙන් අදහස් වන්නේ  දැන් ඔබට පනත විසින් අර්ථදක්වා ඇති පරිදි පොදු අධිකාරීන්ගෙන් තොරතුරු ඉල්ලා සිටීමට ඇති අයිතියයි. (පහත බලන්න; පොදු අධිකාරි යනු මොනවාද?)

2. RTI පිළිබඳ ශ‍්‍රී ලාංකේය නීතිය කුමක්ද?
RTI සම්බන්ධයෙන් වන වර්තමාන ශ‍්‍රී ලාංකේය රෙජීමය සමන්විත වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අදාල ප‍්‍රතිපාදන (14 අ. ව්‍යවස්ථාව-19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා) සහ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙනි.

3. ‘තොරතුරු’ යනු මොනවාද?
පනත යටතේ දක්වා ඇති පරිදි, තොරතුරු යන්නට:
”පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය නොසලකා, සටහන්, ලේඛන, සංදේශ, විද්යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය  නිවේදන, චක‍්‍රලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්රවෘත්ති පත්ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූප සටහන්, රූපමය හෝ ප‍්‍රස්ථාරමය වැඩ හෝ ඡායාරූප, සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත‍්‍ර මගින් කියවිය හැකි වාර්තා, පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය ඇතුළු යම් ආකාරයකින් ලේඛනගත කරන ද්‍රව්‍ය  සහ ඒවායේ යම් පිටපත්” ඇතුළත් වේ.
 
ශ‍්‍රී ලංකාවේ  RTI කොමිසම

4. RTI කොමිසම යනු කුමක්ද?
පංච සාමාජික ඍඔෂ කොමිසම යනු පනත යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාපිත වශයෙන්  ස්වාධීන, කේන්ද්‍රීය අධීක්ෂණ, ප‍්‍රතිපත්ති සම්පාදන සහ ඒවා ක‍්‍රියාවට නංවන අභියාචන ආයතනය වේ.     
 
5. RTI කොමිසම පත් කරනුයේ කවුරුන් විසින්ද?
ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන්ට අනුකූලව ජනාධිපති විසින් කොමිසම පත් කරනු ලැබේ. ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය, කර්තෘවරුන්ගේ සංගම්/ප‍්‍රකාශකයින්/ජනමාධ්‍ය  සහ සිවිල් සංවිධාන මගින් නාම යෝජනා කරනු ලබන පුද්ගලයින් අතුරින් කොමිසම වෙත පත් කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොදු සමාජ ජීවිතයේ සුවිශේෂී තැනැත්තන්ගේ නම් නිර්දේශ කරනු ලැබේ.

6. RTIකොමිසමේ වත්මන් සාමාජිකයින් කවුරුන්ද?
තොරතුරු කොමිසමේ වත්මන් සාමාජිකයන් සමන්විත වන්නේ මහින්ද ගම්මන්පිල (සභාපති), විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් (සාමාජික), ජේ්‍යෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන (සාමාජික), ජේ්‍යෂ්ඨ නීතීඥ එස්.ජී. පුංචිහේවා (සාමාජික), සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් (සාමාජික) යන අයගෙනි.

7. RTI කොමිසමේ අධ්‍යක්ෂ-ජනරාල්වරයා යනු කවරෙක්ද? ඔහුගේ/ ඇයගේ බලතල මොනවාද?
කොමිසමේ අධ්‍යක්ෂ-ජනරාල්වරයා යනු කොමිසමේ ප‍්‍රධාන විධායක නිලධාරියාද වේ. කොමිසමේ අධ්‍යක්ෂ-ජනරාල්වරයා පත් කිරීමේ ක‍්‍රියාපටිපාටිය මේ වන විට සිදු කෙරෙමින් පවතී.

පොදු අධිකාරි (PA) තොරතුරු නිලධාරී (IO), නම් කරන ලද නිලධාරී (DO)

8. තොරතුරු නිලධාරියා  යනු කවරෙක්ද?
ඔබ විසින් තොරතුරු ඉල්ලීමක් සිදු කරන අවස්ථාවකදී අදාල පොදු අධිකාරිය තුළ ඔබ සමග මුලින්ම සම්බන්ධ වන්නේ තොරතුරු නිලධාරියා වේ. ඔබ විසින් ඉල්ලා සිටින තොරතුරු ඔබ වෙත ලබා දීම සිදු කළ යුත්තේ ඔහු/ඇය විසිනි.

9. තොරතුරු නිලධාරියා මත පැනවෙන වගකීම් මොනවාද?
ඍඔෂ රෙජීමයට අනුව, තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයා හට අවශ්‍ය සියලූ සහය ලබා දිය යුතු ය. අදාල ඉල්ලීම පිළිගත් බවට කුවිතාන්සියක් ලබා දීම, අදාල ඉල්ලීමට නිසි කලට ප්‍රතිචාර දැක්වීම, ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන්නේ නම්  එය තොරතුරු ඉල්ලූම් කරන්නාට දැනුම් දීම, අදාළ ඉල්ලීම වාචිකව සිදුකොට ඇත්නම් එය ලේඛනගත කිරීම, තොරතුරු ඉල්ලීම්වල ලිපිගොනුවක් පවත්වාගෙන යාම සහ තොරතුරු ඉල්ලීම් වලට නිසි ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වේ නම් අනෙකුත් නිලධාරීන්ගේ සහය පැතීමද මීට ඇතුළත් වේ.

10. ‘නම් කරන ලද නිලධාරියෙක්’ යනු කවරෙක්ද?
පොදු අධිකාරියක පළමු අභියාචන අධිකාරී බලය දරන්නා නම් කරන ලද නිලධාරී නමින් හැඳින්වේ. තොරතුරු නිලධාරියාගේ ප‍්‍රතිචාර දැක්වීම/ නොදැක්වීම පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඔබට නම් කරන ලද නිලධාරියා වෙත අභියාචනා කළ හැකිය.

11. නම් කරන ලද නිලධාරියා මත පැනවෙන වගකීම් කවරේද?
අදාල කාල සීමාව තුළ ඉදිරිපත් කරනු ලබන්නේ නම්, නම් කරන ලද නිලධාරියා විසින් ඔබගේ අභියාචනය භාරගත යුතු වන්නේය.

12. ‘පොදු අධිකාරි’යනු මොනවාද?
ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන, රජය විසින් පාල කිරීමේ කැමැත්තක් දක්වනු ලබන ආයතන, ප‍්‍රාදේශීය සහ පළාත්බද අධිකාරි මෙන්ම යුක්තිය පරිපාලනය කිරීම සඳහා ස්ථාපිත කළ  සියලු අධිකරණ, විනිශ්චය ආයතන සහ අධිකරණ පොදු අධිකාරි නමින් හැඳින්වේ.

ගිවිසුම් පදනම මත ක‍්‍රියාත්මක වන පෞද්ගලික ආයතන, ගිවිසුමක්, බලපත‍්‍රයක් හෝ හවුල් ව්‍යාාපාරයක් ලෙස රජය සමග ක‍්‍රියාත්මක වන (එම ආයතනවල ව්‍යවස්ථාපිත, පොදු සේවාව හා කර්තව්‍යය  සම්බන්ධයෙන්), පිහිටුවන උසස් අධ්‍යාපන ආයතන, වෘත්තිය පුහුණු ආයතන හෝ කාර්මික විද්‍යාල,  ඕනැම ලිඛිත නීතියක් යටතේ හඳුනාගනු ලැබූ හෝ බලපත‍්‍ර ලාභී හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් ආධාර ලබාගන්නා වූ පොදු සේවාවක් සපයන පෞද්ගලික ආයතනද මෙම ගණයට අයත් වේ.  

13. යම්කිසි පොදු අධිකාරියක් විසින් තොරතුරු නිලධාරියකු පත් කොට නොමැති අවස්ථාවකදී පුරවැසියෙකුට කළ හැක්කේ කුමක්ද?
පනතේ 23 වන වගන්තිය ප‍්‍රකාරව, තොරතුරු නිලධාරියකු පත් කොට නොමැති අවස්ථාවකදී පොදු අධිකාරියේ ප‍්‍රධානියා හෝ ප‍්‍රධාන විධායක නිලධරයා එම පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා බවට ස්වයංක‍්‍රීයව පත් වේ.

14. නම් කරන ලද නිලධාරියකු පත් කොට තිබෙන අවස්ථාවකදී, ඔහු වෙත අභියාචනා නොකොට කොමිසම වෙත සෘජුව අභියාචනා කිරීමට පුරවැසියන්ට හැකියාව තිබේද?

නැත - RTI පනත මගින් දැඩි අභියාචනා කාර්ය පටිපාටියක් හඳුන්වා දී ඇති අතර, ඊට අනුව කොමිසම යනු දෙවැනි අභියාචන ආයතනයයි. නම් කරන ලද නිලධාරියකු පත් කොට තිබෙන අවස්ථාවකදී කොමිසම වෙත අභියාචනා කිරීමට පෙර නම් කරන ලද නිලධාරියා වෙත අභියාචනා කිරීම අනිවාර්ය වේ.  මීට හේතුව වනුයේ අභියාචනයකදී නම් කරන ලද නිලධාරියාගේ තීන්දු වලට එරෙහිව කටයුතු කිරීමට කොමිසම වෙත නීතියෙන් බලය ලබා දී තිබීමයි.

15. නම් කරන ලද නිලධාරියකු පත් කොට නොමැති අවස්ථාවකදී පුරවැසියකුට කළ හැක්කේ කුමක්ද?

ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව නම් කරන ලද නිලධාරියකු පත්කර නොමැති විට අදාල රාජ්‍ය ආයතනයේ හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එම ආයතනයේ නම් කරන ලද නිලධාරියා බවට පත්වේ. ඔහු කවරෙක්දැයි හඳුනාගෙන, ඔහු වෙත අභියාචනා කොට, ඉන් පසුව කොමිසම වෙත පැමිණිය යුතුය. පොදු අධිකාරියක් විසින් තොරතුරු නිලධරයෙකු හෝ නම්කළ නිලධරයෙකු පත් කර නොමැති නම් මෙවිට තොරතුරු ඉල්ලා සිටින්නා ට එම පොදු අධිකාරියේ ප්‍රධානියා/ප්‍රධාන විධායක නිලධරයා වෙත (පනත යටතේ තොරතුරු නිලධරයා බවට පත්වන) ඉල්ලීමක් ඉදිරිපත් කර ඉන්පසු කෙළින්ම කොමිෂන් සභාව වෙත පැමිණිය හැකිය.

16. හරයාත්මක/වාස්තවික ගැටළු සම්බන්ධයෙන් තොරතුරු නිලධාරියකුට හෝ නම් කරන ලද නිලධාරියකුට කොමිසමේ උපදෙස් පැතිය හැකිද?

නැත- පනතේ වගන්ති අංක 5(5) ප‍්‍රකාරව ”හෙළිදරවු කිරීමෙන් මුක්ත කර ඇති යම් තොරතුරක් වෙත ප‍්‍රවේශ වීම ප‍්‍රදානය කිරීමට අදාළ යම් ගැටළුවක් පිළිබඳ” කොමිසමේ උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් කියැවේ. මෙය තොරතුරු හෙළිදරවු කළ යුතුද නැත්ද යන හරයාත්මක එනම් වාස්තවික ගැටළුවට වඩා වෙනස් වූ කාර්යපටිපාටික ගැටළුවකි.
 
RTI ඉල්ලීමක් කිරීම (තොරතුරු ඉල්ලීමක් කිරීම)

17. RTI ඉල්ලීමක් කළ හැක්කේ කාටද?

තොරතුරු ඉල්ලීම් සිදුකළ හැක්කේ ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට ය. මෙහිදී පුරවැසියා යන්නට, යම් ව්‍යවස්ථාපිත වු හෝ ව්‍යවස්ථාපිත නොවූ මණ්ඩලයක සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකට නොඅඩු සංඛ්‍යාවක් පුරවැසියන් වන්නේ නම්, එවැනි මණ්ඩලයක් ද ඇතුළත් වේ.

18. RTI ඉල්ලීමක් කිරීම සඳහා අවශ්‍ය වන අයදුම්පතක් තිබේද?
ඔව්. 2017 පෙබරවාරි මස ගැසට් කරන ලද  රීති තුළ 01 ආකෘතිය ලෙස මෙම අයදුම්පත දක්වා ඇත . කෙසේ නමුත් මෙම අයදුම්පත අනිවාර්ය නොවන අතර, අදාළ කරුණු දක්වන ලිඛිත ඉල්ලීමක් ද සෑහෙයි.

19. RTI පනත යටතේ පොදු අධිකාරියක් වෙත කරනු ලබන තොරතුරු ඉල්ලීමක් විද්‍යුත් තැපෑල හරහා සිදුකළ හැකිද?
ඔව්- පනතේ 24(6) වගන්තිය සහ 2017 වසරේ ගැසට් කරන ලද 04 වන රෙගුලාසියේ 04 වන අතුරුවිධානය මගින් ඊට අවසර සපයා දී ඇත.

20. RTI ඉල්ලීමක් කිරීමේදී ඊට හේතු දැක්විය යුතුද?
නැත. එවැනි අවශ්‍යතාවයක් පනත මගින් ඉල්ලා සිටින්නේ නැති අතර තොරතුරු ඉල්ලීමට හේතුව අනාවරණ කරන ලෙස කිසිදු පුද්ගලයකුට ඔබට බල කර සිටීමටද නොහැකිය.

21. හදිසි ඉල්ලීම් යනු මොනවාද?
අදාළ ඉල්ලීම යම් පුද්ගලයකුගේ ජීවිතය සහ නිදහස සම්බන්ධයෙන් වැදගත් වන්නේ නම් එය හදිසි ඉල්ලීමක් ලෙස හැඳින්වේ. එවැනි ඉල්ලීම් කෙරෙහි පැය 48ක් ඇතුළත ප‍්‍රතිචාර දැක්විය යුතුය.

22. RTI ඉල්ලීමක් කිරීමේ කාර්ය පටිපාටිය කුමක්ද?
ඉහත සඳහන් කරන ලද 01 අයදුම්පතෙහි සඳහන් වන පරිද්දෙන් අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා වෙත ඉල්ලීමක් කළ යුතුය.

23. යම් ඉල්ලීමක්  පිළිබඳ තීරණ ගැනීමට ඇති කාල සීමාව කුමක්ද?
i.  තොරතුරු නිලධාරියා විසින් හැකි ඉක්මනින් ඔබගේ තොරතුරු ඉල්ලීම පිළිගත යුතුය.
ii. එම තොරතුරු ඉක්මනින් ලබා දිය හැකි ඒවා නම් එම තොරතුරු හැකි ඉක්මණින් ලබා දිය යුතුය.
iii. තොරතුරු නිලධාරියා විසින් දින 14ක් ඇතුළත එම පොදු අධිකාරිය විසින් ඔබට ඒ තොරතුරු ස්පයන්නේද යන්න පිළිබඳව ද, එසේ නම් ඔබ විසින් දක්වන ලද ක‍්‍රමයට අනුව තොරතුරු ලබා ගැනීමේදී ඔබ විසින් ගෙවිය යුතු මුදල යනාදිය පිළිබඳව ද ඔබට දැනුම්දිය යුතුය.
 
24.  ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීම සඳහා වන කාල සීමාව කොපමණද?
ඔබ විසින් ඉල්ලා සිටින තොරතුරු ඔබට ලබා දිය හැකි බවට තොරතුරු නිලධාරියා විසින් ඔබට දැනුම් දී, ඔබ විසින් ඒ සඳහා ගෙවිය යුතු ගාස්තුව ගෙවීමෙන් පසුව තොරතුරු නිලධාරියාට ඔබ වෙත එම තොරතුරු ලබා දීමට තවත් දින 14ක කාලයක් හිමිවේ.

25. අදාළ කාල සීමාව දීර්ඝ කිරීමට අවසර දිය හැක්කේ කුමන අවස්ථාවන්හිදීද?
අදාළ තොරතුරු වාර්තා විශාල ප‍්‍රමාණයක පවතින විට හෝ අදාළ තොරතුරු එම පොදු අධිකාරිය පිහිටා ඇති ස්ථානයෙන් ඉතා දුරස්ථ ස්ථානයක හෝ නගරයක පිහිටා තිබෙන විට එසේ කාලය දීර්ඝ කළ හැකිය. එසේ කාලය දීර්ඝ කිරීම පිලිබඳව තොරතුරු ඉල්ලූම් කරන්නා සෑහීමකට පත් නොවේ නම් ඔහුට නම් කරන ලද නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.  

26. තෙවන පාර්ශව තොරතුරු යනු මොනවාද?
තොරතුරු ඉල්ලූම් කරන්නා සහ පොදු අධිකාරිය හැර තවත් තෙවන පාර්ශවයක් සම්බන්ධයෙන්, එම තෙවන පාර්ශවය විසින් අදාළ පොදු අධිකාරිය වෙත විශ්වාසනීයත්වය මත ලබා දී ඇති තොරතුරු සැපයීම මේ නමින් හැඳින්වේ.
 
ව්‍යාතිරේඛ/මුක්තීන් සහ ‘මහජන සුභසිද්ධිය’ අතික‍්‍රමණය වීම

27. RTI පනතට අනුව මහජනතාවගෙන් මුක්ත කොට ඇති තොරතුරු මොනවාද?
පනතේ 05 වන වගන්තිය මගින් විශේෂිතව දක්වා ඇති තොරතුරු පමණක් ඔබට ලබාගත නොහැක.
මෙයට” මහජන සුභසිද්ධිය හා සම්බන්ධයක් නැති පුද්ගලික තොරතුරු, ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට හානිකර තොරතුරු, ශ‍්‍රී ලංකා ආර්ථිකයට හානිකර තොරතුරු, රහසිගත වාණිජමය තොරතුරු, පුද්ගලික වෛද්‍ය වාර්තා, භාරකාරත්ව  පදනම මත පවතින රහසිගත තොරතුරු, අපරාධ නඩුකරයකට හෝ ජාතික ආරක්ෂාවට හානිකර වන තොරතුරු, තුන්වන පාර්ශවයක් පිළිබඳ තොරතුරු, අධිකරණයට අපහාසයක් සිදු කළ හැකි තොරතුරු හා අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර වියහැකි තොරතුරු, පාර්ලිමේන්තු වරප‍්‍රසාද හෝ පළාත් සභා වරප‍්‍රසාද හා ගැටෙන තොරතුරු, විභාගවල අඛණ්ඩතාවන්ට හානිකර වන තොරතුරු සහ මැතිවරණ සම්බන්ධයෙන් හා කැබිනට් සන්දේශ සම්බන්ධයෙන් තීරණය කර නොමැති තොරතුරු යනාදිය මෙම ගණයට අයත් වේ.

28. ”මහජන සුභසිද්ධිය අතික‍්‍රමණය වීම” යනු කුමක්ද?
පනතේ වගන්ති අංක 5(4* මගින් දක්වා ඇති පරිදි මහජන සුභසිද්ධිය අතික‍්‍රමණය වීමයනු එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා මහජන සුභසිද්ධිය වැඩි නම්, එවැනි තොරතුරු ඉල්ලීමක් ප‍්‍රක්ෂේප නොකළ යුතු වීමයි. මෙම ව්‍යාතිරේඛය 05 වන වගන්තියේ ඇති සියලූම මුක්තීන්ට අදාළ වේ. මෙහි සඳහන් මහජන සුභසිද්ධිය යන්න අවසානාත්මක වශයෙන් කොමිසම විසින් අර්ථ නිරූපණය කරනු ඇත.

අභියාචනා පටිපාටිය

29. අභියාචනා පටිපාටිය යනු කුමක්ද?
i. තොරතුරු නිලධාරියා විසින් දක්වන ප‍්‍රතිචාරය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් එම ප‍්‍රතිචාරය ලැබීමෙන් දින 14ක් ඇතුළත නම් කරන ලද නිලධාරියා වෙත අභියාචනා කළ හැකිය.
ii. නම් කරන ලද නිලධාරියා විසින් දක්වන/ නොදක්වන ලද ප‍්‍රතිචාරය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් එම ප‍්‍රතිචාරය ලැබීමෙන්/නොලැබීමෙන් මාස දෙකක් ඇතුළත කොමිසම වෙත අභියාචනා කළ හැකිය.

30. කොමිසම වෙත අභියාචනා කළ හැක්කේ කුමන පදනමක් මත පිහිටාද?
i. නම් කරන ලද නිලධාරියාගේ තීරණ පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්.
ii. නම් කරන ලද නිලධාරියාගෙන් තීරණයක් ලබාගත නොහැකි නම්.

31. RTIකොමිසම වෙත විද්යුත් තැපෑල හරහා අභියාචනා කළ හැකිද?
නැත.- 2017 වසරේ RTIරීති (ගාස්තු හා අභියාචනා කාර්යපටිපාටිය) හි 13(2) වන රීතියට අනුව කොමිසම වෙත අභියාචනාවක් යොමු කළ හැක්කේ ලියාපදිංචි තැපෑලෙන් හෝ පෞද්ගලිකව භාර දීමෙන් පමණි.

32. කොමිසම ඉදිරියේ අභියාචකයෙකු හෝ පොදු අධිකාරියක් වෙනුවෙන් නීතීඥවරයෙකුට පෙනී සිටිය හැකිද?
ඔව්. මේ සඳහා කලින් අවසර ලබාගැනීම අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත්, නීතීඥ සහය ලබාගැනීම අනිවාර්ය නොවේ.
33. පරීක්ෂණ පැවැත්වෙන්නේ කුමන අවස්ථා වලදීද?
RTI පනතේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය බව හැඟී යන්නේ නම්, හා එහි අවශ්‍යතාවය පවතින විට කොමිසම විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.

34. RTI කොමිසමට වඩා ඉහළ අභියාචනා ස්ථරයක් පවතීද?
ඔව්. කොමිසම විසින් ගනු ලබන තීරණ වලින් සෑහීමකට පත් නොවන්නේ නම්, එම තීරණය ලැබීමෙන් මාසයක් ඇතුළත  අභියාචනාධිකරණයේ අභියාචනයක් ගොනු කළ හැක.


ප‍්‍රගාමී හෙළිදරව් කිරීම්.

35. ප‍්‍රගාමී හෙළිදරව් කිරීමක් යනු කුමක්ද?
ප්රගාමී හෙළිදරව් කිරීමක් යනු යම් කිසි තොරතුරක් ඉල්ලා සිටීමට පෙර එම තොරතුරු හෙළිදරව් කිරීමයි.  

36. ශ‍්‍රී ලංකා නීතිය මගින් ප‍්‍රගාමී හෙළිදරව් කිරීම් දිරිගන්වා ඇත්තේ කෙසේද?
2017 පෙබරවාරි මස නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයේ 20 වන රෙගුලාසිය සහ පනතේ 08,09 හා 10 වගන්ති මීට අදාළ වේ.

37. පොදු අධිකාරි මත පනවා ඇති ප‍්‍රගාමී හෙළිදරව් කිරීමේ වගකීම් කවරේද?
පොදු අධිකාරියේ ආයතනික ව්‍යූහය ආදිය පිළිබඳව කොමිසම මගින් පනවා ඇති මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමට අමාත්‍යවරුන්ගෙන් අපේක්ෂා කෙරේ. ඔවුන් විසින් සිදු කරනු ලබන ව්‍යාාපෘති පිළිබඳව (අමාත්‍යාංශයක් හෝ පළාත්බද අමාත්යංශයක් යටතට ගැනෙන පොදු අධිකාරියක් සම්බන්ධයෙන්) පනතේ 08 හා 09 වගන්ති අනුව ක‍්‍රියා කළ යුතු වේ. සෑම පොදු අධිකාරියක්ම අදාල පොදු අධිකාරිය තුල RTI ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාවක් ද්වි වාර්ෂිකව කොමිසම වෙත ලබා දිය යුතු වේ. සාමාන්‍යයෙන්, 2017 පෙබරවාරි මස ගැසට් කරන ලද රෙගුලාසිවල 20 වන රෙගුලාසියට අනුව පොදු අධිකාරි විසින් අදාළ තොරතුරු නිතිපතා සැපයිය යුතුය.

වැරදි

38. RTI පනත යටතේ කොමිසම විසින් නිර්දේශ කළ හැකි විනය පියවර මොනවාද?
යම්කිසි තොරතුරු නිලධාරියකු සිතාමතාම;

  • ඔබගේ ඉල්ලීම භාරගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම්,
  • ඔබගේ ඉල්ලීම භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු නොදක්වන්නේ නම්,
  • වැඩිපුර ගාස්තු අය කර සිටින්නේ නම්,
  • ඔබගේ ඉල්ලීම ක‍්‍රියාවෙහි යෙදවීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම්,

යම්කිසි නම් කරන ලද නිලධාරියකු සිතාමතාම;
පනතේ 05 වගන්තියේ දී ඇති හේතුවක් හැර වෙනත් හේතුවක් මත ඔබගේ අභියාචනය ප‍්‍රතික්ෂේප කරන්නේ නම්,
සාධාරණ හේතුවකින් තොරව, අභියාචනය ලැබී සති තුනක් ඇතුළත ඒ පිළිබඳව තීරණයක් නොගන්නේ නම්,
අදාල පොදු අධිකාරියේ නිලධරයාට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීම සඳහා අදාළ විනය පාලන අධිකාරිය වෙත නිර්දේශ කිරීමට කොමිසමට බලය ඇත.
 
39. ”වැරදි” යනු මොනවාද?
පනත යටතේ, පහත සඳහන් වැරදි සිදු කරනු ලබන පුද්ගලයකුට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයක් හරහා නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමට කොමිසමට හැකියාව පවතී.   

  • වැරදි, අසම්පූර්ණ සහ දෝශ සහගත තොරතුරු ලබා දීම.
  • තොරතුරු විනාශ කිරීම, අවලංගු කිරීම, වෙනස් කිරීම හෝ වසන් කිරීම.
  • RTI කොමිසම ඉදිරියේ පෙනී සිටීමට අසමත් වීම.
  • කොමිසම ඉදිරියේ පෙනී සිට, තොරතුරු ලබාදීම හෝ පරීක්ෂා කිරීම ප‍්‍රතික්ෂේප කිරීම හෝ දිවුරුමක් පිට අසත්‍ය තොරතුරු ලබාදීම.
  • RTIකොමිසම විසින් දෙනු ලබන තීරණයක් බලාත්මක නොකිරීම.
  • කොමිසමේ තීරණ වලට බාධා පැමිණවීම.

40. එම වැරදි මත පමුණුවා ඇති දණ්ඩනයන් මොනවාද?
මහේස්ත‍්‍රාත් අධිකරණයක නඩුවක් ගොනු කිරීමට කොමිසමට බලය ඇත.  වරද ඔප්පුවීමකදී අදාල වරදකාර පාර්ශවයට රුපියල් 50,000කට නොවැඩි දඩයකට හෝ වසර දෙකක් දක්වා වන සිර දඬුවමකට හෝ එම ද්විත්වයටම යටත් වීමට සිදුවේ. වරදකාර පාර්ශවයට එරෙහිව අදාළ විනය පාලන අධිකාරිය විසින් විනය පියවරද ගනු ලැබිය හැකිය.


අනෙකුත් විමසීම්

41. තොරතුරු ලබා දෙනුයේ කුමන ආකාරයන්ගෙන්ද?
අදාල තොරතුරු පරීක්ෂා කොට බැලීමට, සටහන් කරගැනීමට, මුද්‍රණය කරගැනීමට, සහතික පිටපත් ලබාගැනීමට, සහතික කළ සාම්පල ලබාගැනීමට, වීඩියෝ තැටි, වීඩියෝ පට හෝ වීඩියෝ කැසට් වෙතට ලබාගැනීමට, USB හෝ සී.ඞී. තැටියකට ලබාගැනීමට හැකියාව පවතී.
 
42. තොරතුරු ඉල්ලීමකදී අය කෙරෙන ගාස්තුව කොපමණද?
තොරතුරු ඉල්ලීමකදී කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. එසේ ගාස්තු අය කෙරෙනුයේ ඔබගේ ඉල්ලීමට ධනාත්මක පිළිතුරක් ලැබීමෙන් පසුව පමණි. 2017 පෙබරවාරි මස නිකුත් කරන ලද ගාස්තු හා අභියාචනා ක්රියා පටිපාටිය පිලිබඳ වන රීතීන්හි අදාළ ගාස්තු පිළිබඳව විස්තර දැක්වේ.
උදා:
x    ඔබට ලබාදෙන පළමු ් 4 ප‍්‍රමාණයේ පිටු 04 (ඡායා පිටපත් හෝ පරිගණක මුද්‍රිත පිටු ) සඳහා ගාස්තුවක් අය නොකෙරේ.

  • සාර්ථක අභියාචනාවකින් පසුව ලබාදෙන තොරතුරු සඳහා ගාස්තුවක් අය නොකෙරේ.
  • විද්‍යුත් තැපෑල හරහා ලබාදෙන තොරතුරු සඳහා ගාස්තුවක් අය නොකෙරේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු කුමක්ද?

රාජ්‍ය ප‍්‍රතිපත්ති හා තීරණ මෙන්ම ඒවායෙන් රටේ මහජනතාවගේ ජීවිත වලට වන බලපෑම පිළිබඳ තොරතුරු දැනගැනීම යනු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමෙහි හරයයි. පොදු අරමුදල් වෙන් කිරීම සහ වියදම් කිරීම පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇති අයිතියද මීට ඇතුළත් වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යනු, පොදු ජනතාවගේ හිතසුව පිණිස සිදුකරනු ලබන සියලූම කර්තව්‍යයන් පිළිබඳ තොරතුරු මහජනතාව වෙත පහසුවෙන් ලබාගත හැකි විනිවිදභාවයකින් යුත් රජයක් ආයතනීකරණය කොට ව්‍යුහගත කිරීම සඳහා වන නීත්‍යානුකූල මෙවලමයි.

තොරතුරු දැනගැනීම සඳහා වන ඉල්ලීමකින් තොරව, හෙළි කිරීම නීතියෙන් තහනම් කරන ලද ව්‍යතිරේඛී අවස්ථාවන්ට විශේෂයෙන් හසු නොවන පොදු තොරතුරු වෙත ප‍්‍රවේශ විය හැකි පරිද්දෙන් සාමාන්‍ය ලෙස ක‍්‍රියාකාරීව තොරතුරු සපයනු ලැබේ.

එවැනි තොරතුරු සක‍්‍රීය ලෙස අනාවරණ කිරීම මගින් විනිවිදභාවයකින් යුක්තව කටයුතු කිරීමට රජයට ඇති අවංක කැපවීම, පුරවැසියන් බලගැන්වීම සහ දූෂණ අවම කිරීම සඳහා දායක වීම යනාදිය පෙන්නුම් කෙරේ.

ඕනෑම පුද්ගලයකු විසින් හෝ නම් කරන ලද තුන්වන පාර්ශවයක් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සඳහා ප්‍රතික්‍රීයක ලෙස ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස තොරතුරු ලබා දෙනු ලැබේ. සියලූම පොදු අධිකාරි සඳහා තොරතුරු නිලධාරියකු පත්කොට ලැබ සිටී. තොරතුරු නිලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කරනු ලබන සියලූම ඉල්ලීම් (ලිඛිත ඉදිරිපත් කිරීම සිදු කළ නොහැකි අවස්ථාවන්හිදී වාචික ඉල්ලීම් භාරගනු ලැබේ) හරහා අදාළ ඉල්ලීම් කරන ලද තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සහය වන කාර්ය පටිපාටියක්ද පූරණය කරනු ලැබේ. එමෙන්ම, ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීමෙහි ලා අත්‍යාවශ්‍ය අංගයක් ලෙස පොදු තොරතුරු සැපයීම ක‍්‍රියා කරනු ලැබේ.

rtiසම්පූර්ණ ලේඛනය බාගත කරගන්න




මෑත කාලීන අභියාචනා තීන්දු

 

international right to know day banner

වත්මන් පෞද්ගලික විභාග කිරීම්