පරිශීලකයන්ගේ ඇගයුම:  5 / 5

සක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්න
 
  1. නියෝග / තීරණ

තොරතුරු දැනගැනීමේ අයතිවාසිකම පිළිබඳ පනතේ අභියාචනා විභාග කිරීමේ බලය කොමිසම් සභාවට පවරන 32 වැනි කොටස, කොටස් 38 (විනය ක‍්‍රියා මාර්ග) සහ 39 (අපරාධ) සමඟ කියවූ කලි පනත අනුව අභියාචනයේදී ගනු ලබන නියෝග/ තීරණ මෙසේය.

පනතේ 32 වගන්තිය

32 (1) (අ) 31(1) වගන්තිය යටතේ වන අභියාචනයක් සම්බන්ධයෙන් කරන ලද තීරණයෙන් අගතියට පත් යම් තැනැත්තකු විසින්,

(අ) එම තීරණය සන්නිවේදනය කිරීමෙන් මාස දෙකක් ඇතුළත දී; හෝ

(ආ) 31 (3) වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති කාලය ඇතුළත තීරණයක් ලබා දිය යුතු යම් අභියාචනයකට තීරණය ලබා ගැනීමට නොහැකි වීමෙන් අගතියට පත් යම් තැනැත්තකු විසින්, එසේ නිශ්චිතව දක්වා ඇති කාලය ඉකුත් වීමෙන් මාස දෙකක් ඇතුළත දී,

එම තීරණයට හෝ තීරණය ලබා ගැනීමට නොහැකි වීමට එරෙහිව කොමිෂන් සභාවට අභියාචනා කළ හැකි අතර, කොමිෂන් සභාව විසින්, එම අභියාචනය ලැබීමෙන් දින තිහක් ඇතුළත අභියාචනා කොට ඇත්තේ කවර තීන්දුවකට එරෙහිව ද එම තීරණය ස්ථිර කිරීම, වෙනස් කිරීම, හෝ ප‍්‍රතිවර්තනය කිරීම කළ හැකි අතර, එම ඉල්ලීම අවශ්‍ය කටයුතු සඳහා අදාළ තොරතුරු නිලධරයාට නැවත යැවිය හැකි ය.

(2) අභියාචකට පාලනය කළ නොහැකි හේතුවක් නිසා නියමිත කාලයේ දී අභියාචන ගොනු කිරීමෙන් අභියාචක වළක්වා ඇති බවට කොමිෂන් සභාව සෑහීමට පත්වේ නම්, එම මාස දෙකක කාලය අවසන් වීමෙන් පසුව කොමිෂන් සභාව විසින් අභියාචනය භාරගනු ලැබිය හැකිය.

(3)කොමිෂන් සභාව විසින් අභියාචක වෙත, අදාළතොරතුරු නිලධරයා වෙත සහ අදාළපොදු අධිකාරිය වෙත ස්වකීය තීරණ සඳහා වූ හේතු ලිඛිතව ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(4) අභියාචනයක් ඉදිරිපත්කර ඇති අවස්ථාවක දී, ඉල්ලීමක් සකස් කිරීමේ දී පනතට එක`ගව ක‍්‍රියාකර ඇති බව පෙන්වාදීම සඳහා වූ ඔප්පු කිරීමේ භාරය පොදු අධිකාරිය වෙත පැවරී ඇත්තේ ය.

 

පනතේ 38 වගන්තිය

38 (1)
(අ) යම් තොරතුරු නිලධරයකු විසින් සිතාමතාම -

  • යම් පුරවැසියකුගේ තොරතුරු ලබා ගැනීම සඳහා වූ ඉල්ලීමක් ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවක දී;
  • ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ හේතු දැන්වීමකින් තොරව තොරතුරු සඳහා වූ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවක දී;
  • වගන්තියේ සඳහන් වන ගාස්තු උපලේඛනය උල්ලංඝණය කරමින් ඉහළ ගාස්තු නිර්දිෂ්ඨ කරනු ලබන අවස්ථාවක දී;
  • මෙම පනතේ විධිවිධානවලට අනුකූලව ඉල්ලීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන අවස්ථාවක දී; හෝ

(ආ) යම් නම් කළ නිලධරයකු විසින් සිතාමතාම -

  • මේ පනතේ 5 වන වගන්තියේ සඳහන් හේතුවක් මත හැර, වෙනත් යම් හේතුවක් නිසා 31 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද යම් අභියාචනයක් ප‍්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක දී; හෝ
  • 31 (3)වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති කාලසීමාව ඇතුළත, සිදුකරන ලද අභියාචනයක් පිළිබඳ තීරණයක් ලබා දීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පැහැර හැරීම සිදුකරනු ලබන අවස්ථාවක දී,

කොමිෂන් සභාව විසින් එම කරුණ පිළිබඳව නිසි විනය බලධරයාගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ය.

කොමිෂන් සභාව විසින් නිසි විනය බලධරයා වෙත දැනුම්දීම.

(2) අදාළ විනය බලධරයා විසින් එම අධිකාරිය වෙත යොමු කරන ලද යම් කරුණක් සම්බන්ධයෙන් ගන්නා ලද ක‍්‍රියාමාර්ග පිළිබඳව මාසයක කාලයක් ඇතුළත කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු ය.

 

පනතේ 39 වගන්තිය

39. (1)(අ) තොරතුරු සැපයීම සිතාමතා අවහිර කරනු ලබන හෝ චේතනාන්විතව වැරදි සහගත, අසම්පූර්ණ හෝ නිවැරදි නොවන තොරතුරු සපයනු ලබන;

(ආ) එම පොදු අධිකාරියේ ඔහු හෝ ඇයගේ සේවා නියුක්තිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ලබා ගත් දැනුම හෝ තමා වෙත ප‍්‍රවේශයක් ඇති, තොරතුරු චේතනාන්විතව විනාශ කරනු ලබන, අවලංගු කරනු ලබන, වෙනස් කරනු ලබන හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන් වසන් කරනු ලබන; හෝ එම පොදු අධිකාරියේ ඔහු හෝ ඇයගේ සේවා නියුක්තිය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ලබා ගත් දැනුම හෝ තමා වෙත ප‍්‍රවේශයක් ඇති, තොරතුරු චේතනාන්විතව විනාශ කරනු ලබන, අවලංගු කරනු ලබන, වෙනස් කරනු ලබන හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන් වසන් කරනු ලබන; හෝ

(ඇ) කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටීමේ දී කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම පැහැර හරිනු ලබන හෝ ප‍්‍රතික්ෂේප කරනු ලබන;

(ඈ) කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිට කොමිෂන් සභාව විසින් කරනු ලබන පරීක්ෂණ පැහැර හරිනු ලබන හෝ ප‍්‍රතික්ෂේප කරනු ලබන හෝ ඔහුගේ භුක්තියේ හෝ බලය යටතේ පවතින යම් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හරිනු ලබන හෝ ප‍්‍රතික්ෂේප කරනු ලබන හෝ දිවුරුම් දීම හෝ ප‍්‍රතිඥා දීම යටතේ චේතනාන්විතව සාවද්‍ය තොරතුරු සපයනු ලබන;

(ඉ) කොමිෂන් සභාවේ තීරණයකට අනුකූලවීම පැහැර හරින හෝ ප‍්‍රතික්ෂේප කරන;

(ඊ) මේ පනත මගින් කොමිෂන් සභාව වෙත පැවරී ඇති හෝ එම කොමිෂන් සභාවේ යම් නිලධරයකු හෝ සේවානියුක්තිකයකු වෙත පැවරී ඇති බලතල ක‍්‍රියාත්මක කිරීමේ දී, කොමිෂන් සභාව හෝ එහි යම් නිලධරයකු හෝ සේවානියුක්තිකයකු වළක්වන හෝ අවහිර කරනු ලබන;

(උ) මෙම පනතේ 12 (7) වගන්තියේ විධිවිධාන උල්ලංඝණය වන ආකාරයට යම් තොරතුරක් හෙළිකරනු ලබන, සෑම තැනැත්තකු ම මේ පනත යටතේ වරදක් සිදු කරන අතර, මහෙස්ත‍්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේ දී රුපියල් පනස්දහසක් නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු දෙකක කාලයක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම එම තැනැත්තා යටත් විය යුතු ය.

(2) 23 (3) වගන්තිය යටතේ තොරතුරු නිලධරයකු විසින් සහාය ඉල්ලා සිටියේ යම් නිලධරයකුගෙන් ද ඒ නිලධරයා විසින් සාධාරණ හේතුවක් නොමැතිව ඒ සහාය ලබා දීම පැහැර හරින විට, ඒ නිලධරයා මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන අතර මහෙස්ත‍්‍රාත්වරයා විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබීමේ දී රුපියල් දසදහසක් නොඉක්මවන දඩයකට යටත් විය යුතු ය.

(3)මේ වගන්තියේ (1)වන හෝ (2) උපවගන්තිවල සඳහන් කරන ලද යම් වරදක් සිදු කිරීම වෙනුවෙන් පනවන ලද දඩය, මේ පනත යටතේ පනවන ලද කාර්යයක් කරගෙන යාම පැහැර හැරීම වෙනුවෙන්, විනය ක‍්‍රියා මාර්ගයක් ගැනීමට බලය පවරා ඇති අදාළ අධිකාරිය විසින් ඒ නිලධරයාට එරෙහිව ගනු ලැබිය හැකි යම් විනය ක‍්‍රියා මාර්ගයකට හානියක් නොවන අමතර දඩයක් විය යුතු ය.

(4)මෙම පනත යටතේ අපරාධ නඩු පැවරීමක් කොමිෂන් සභාව විසින් ආරම්භ කළ යුතු ය.

- අංක 18 සිට 20 දක්වා වන කොමිෂන් සභාවේ රීති (ගාස්තු හා අභියාචනා කාර්යපටිපාටිය) වලට අනුකූලව අභියාචනා තුන් ආකාරයකට වර්ග කොට ඇත. ඒ මුලික ඇස්තමෙන්තු, ලිපිගොනු කටයුතු හා පුද්ගල විභාගයන් වශයෙනි (2017.02.03 දින ගැසට් කරන ලද ගැසට් අංක 2004/66)

- ඌණතා සහිත අභියාචනා අදාළ වන්නේ අභියාචනයක් කොමිෂන් සභාව ඉදිරියට පැමිණි අවස්ථාවේ, එකී අභියාචනවල අවශ්‍ය තොරතුරු නොමැති විට හෝ සම්පූර්ණ කළ හැකි ආකාරයේ සැලකිය යුතු ඌනතාවන්ගෙන් යුක්ත නම්ය. එබඳු අභියාචන ඌනතා සහිත අභියාචනා වශයෙන් කාණ්ඩගත කර අදාළ රෙජිස්ටරයට ඇතුළත් කරනු ඇත. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ සකස් කළ රීතිවල 17 වන රීතියට අනුව (ගැසට් අංකය 2004/66, 2017 පෙබරවාරි 3 දින) අභියාචනකරුට අභියාචනයට පිළියම් යොදා සංශෝධිත අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසට පැවසෙන අතර, එකී සංශෝධිත අයදුම්පත අභියාචන රෙජිස්ටරය වෙත මාරු කෙරෙනු ඇත.

- පරීක්ෂණ සඳහා වන නියෝග අදාල වන්නේ පරීක්ෂණ පැවැත්වීම පිලිබඳව වන කාර්යපටිපාටියට අදාලව පවතින රීතීන්ට අනුකූලව පවත්වනු ලබන පරීක්ෂණ සඳහාය. (42 වන වගන්තිය)

- කොමිෂන් සභාවේ වෙනත් තීරණ අදාළ වන්නේ, තොරතුරු පනත සහ රීතිවලට අනුකූල නොවන හෙයින් කාර්යපටිපාටික වශයෙන් සදෝෂී වූ, පුරවැසියන්ගෙන් ලැබෙන අභියාචන අරමුණුකරගත් ඉල්ලීම් සඳහා කොමිෂන් සභාවේ ප‍්‍රතිචාරයන් සඳහාය. නම් කළ නිලධරයා සිටියදී එකී නම්කළ නිලධරයා හට අභියාචනය නොකිරීම, රීතිවල (ගාස්තු සහ අභියාචන කාර්යපටිපාටිය) (2017.02.03 දින ගැසට් කළ ගැසට් අංක 2004/66) 13(2) රීතිය සමග පටහැණි වන පරිදි ඊ මේල් (විද්‍යුත් ලිපියක්) හරහා 'අභියාචනයක්' කොමිෂන් සභාව වෙත යැවීම යනාදිය ද මෙයට අයත් වේ. කොමිෂන් සභාව වෙත අභියාචන ඉදිරිපත් කළ යුත්තේ ලියාපදිංචි තැපෑල මගින් හෝ පැමිණ භාරදීම මගින් පමණි.
කෙසේ නමුත් අභියාචනයක් අරමුණුකරගත් ඉල්ලීමකදී, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් දැක්වෙන නියමිත ව්‍යවස්ථාපිත පටිපාටිය පිළිපැදීමට අසමත් වීම හෝ තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් තොරතුරු පනත මගින් ඉල්ලා සිටින වැදගත් අංගයන් මුල් අවස්ථාවේදී ඇතුළත් කිරීමට අසමත් වීම හේතුවෙන් අභියාචනකරුට නව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවිය හැකිය.

  

  1. නියමයන්

- පොදු අධිකාරීන්ට අනන්‍යාභිමුඛ, මෙම කොමිෂන් සභා නියමයන්ට තොරතුරු පනතේ 5(5) වගන්තිය යටතේ, "යම්කිසි තොරතුරක් වෙත ප‍්‍රවේශය ලබාදීමේ පටිපාටීය ගැටළු" සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් දක්වන ප‍්‍රතිචාරයන් ද ඇතුළත් ය.

කෙසේ නමුත්, මේ සම්බන්ධව කොමිසම විසින් දරනු ලබන මතය නම්, තොරතුරුවල ඇතැම් කාණ්ඩ සහ වර්ග, පනතේ යෙදීම සම්බන්ධයෙන් වන වාස්තවික ගැටළුවකදී උපදෙස් ලබාදීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බවයි. ඒ මන්දයත්, එම ගැටළුවම විධිමත් අන්දමින් කොමිෂන් සභාව ඉදිරියට ඇපෑලක්/අභියාචනයක් වශයෙන් පැමිණියහොත් එයින් අගතියක් වන හෙයිනි.

එම සන්දර්භය තුළ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5 වන වගන්තිය යටතේ ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම ප‍්‍රතික්ෂේප කළ හැකි අවස්ථා හෝ තොරතුරු කාණ්ඩ සම්බන්ධයෙන් පොදු අධිකාරීන්ගේ තොරතුරු නිලධාරීන් විසින් කරනු ලැබූ උපදෙස්-ඉල්ලීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව පොදු අධිකාරීන් වෙත අවධාරණය කර සිටින්නේ සහ උපදෙස් ලබාදෙන්නේ, පටු විෂය පථයක් සහිත ව්‍යාතිරේඛවලට විෂය වන තොරතුරු උපරිම ලෙස හෙළිදරව් කිරීම, නැවත වතාවක්, තොරතුරු පනතේ ප‍්‍රාථමික අරමුණ වන පොදු යහපත නමැති අතික‍්‍රමණ මූලධර්මය නැවත වතාවත් සහතික කරන බවය.

.

මෑත කාලීන අභියාචනා තීන්දු (2023)

2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩු

Vacancies

No result...

අභියාචක සහ පොදු අධිකාරීන් වෙත නොතීසි යැවීම සඳහා භාවිතා කරනු ලබන විද්‍යුත් තැපැල් ලිපිනයන්

Important Decisions in Appeal (2023)

Release of Information in Public Interest Appeals/Substantive Documents (SELECTED)

මෑත කාලීන අභියාචනා තීන්දු (2022)

 

uafi rti

Global Information Commissioners Meet in Tirana, Albania, June 2024; RTI Commissioners Kishali Pinto-Jayawardena and Jagath Liyana Arachchi at the sessions.

"Notable Developments in the Progress of the Right to Information Regime in Sri Lanka2023- First Quarter of 2024"

 

uafi rti

Global Information Commissioners Meet in Manila, June 2023 - RTI Commissioner Kishali Pinto-Jayawardena speaks at plenary sessions

වත්මන් පෞද්ගලික විභාග කිරීම්