තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ එහි 2017 අයවැය ඇස්තමේන්තු, කොමිසමේ සාමාජිකයන්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ වැටුප් ඇතුළුව බඳවා ගැනීම් පටිපාටිය සහ කාර්ය ප්‍රතිපාදන නිකුත් කර තිබීම දැකීම ඉතා සතුටුදායක වේ.
කොමිසමේ සභාපති තොරතුරු දැනගැනීමට ඉල්ලීමක් කල පුරවැසියෙකුට ප්‍රතිචාර දක්වමින් පේනවා දී ඇත්තේ, මෙය දැනටල 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුකූල වෙමින් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවට භාජනය වී ඇති, ඇස්තමේන්තුවක් පමනක් බවයග 2017 ජාතික අයවැය ප්‍රකාශනයේ වෙනම අයවැය පැවරීමක් කර නොතිබිම ආරම්භයේදී කොමිසමේ වැඩ කටයුතු වලට බාධා පැමිණවීය.
මහින්ද ගම්මන්පිල (සභාපති), කිෂාලි පින්ටෝ ජයවර්ධනල එස්. ජී. පුංචිහේවාල යන සාමාජිකයන් තිදෙනා ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලදී. එහෙත් ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් හා සෙල්වී තිරුචන්ද්‍රන් යන සෙසු සාමාජිකයින් දෙදෙනාව පත් කරනු ලැබුවේ වසර අවසානයේදීය.
මෙම කොමිසම දැන් පමණක් එහි මුදල් ප්‍රතිපාදන ක්‍රමානුකූලව සැකසීම ආරම්භ කර ඇත්තේ ඒසේ වූ ප්‍රමාදයේ ප්‍රථිපලයක් වශයෙනි. එනමුත්, පුරවැසියෙක් කල හුදු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කොමිසම තම අයවැය ඇස්තමේන්තු පවා ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවට අවශ්‍ය වන පාරදෘෂ්‍ය සංස්කෘතිය මැනවින් විදහා දක්වයි. මෙය රාජ්‍ය ආයතන සහ අනෙකුත් ස්වාධීන කොමිසම් සභා වලට කදිම පුර්වාදර්ශයකි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ 2017 පෙබරවාරි 3 වනදින ගැසට් කරන ලද අංක 20 දරන නියාමනය මෙය වගකීමක් ලෙස සාමාන්‍යන් පනවයි. එනමුත් සමහර ආයතනල අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලින් ඇතිවන බාධා හා කරදර වලට බිය වීල මෙයාකාරයෙන් අයවැය තොරතුරු ලබාදීමට පසුබට විය හැක.
එනමුත්, ඔවුන් එසේ බිය විය යුතු නැත. මන්ද ඔවුන් මෙසේ බිය වන්නේ තරගකාරිත්වයට නම් එයද මහජනතාවගේ දැනගෙනීමට වීවෘත කරගත හැකියග එමෙන්ම පනත තුලින්ම සැබෑ අනතුරු හෝ තර්ජන ඇති අවස්ථාවන්වලට තොරතුරු දැනගැනීමේ අයිතියට වියතිරෙකයන් පනවා ඇත. එහෙත් ඒ සැබවින්ම මහජන යහපතට යටත් වීය.
එබැවින්, 'බිය' යන සාධකය මත තොරතුරු ප්‍රතිපාදනය මැඩ නොපැවැත්විය යුතුයිග තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ මෙම ක්‍රියාව අනෙකුත් ආයතනද, සැකමුසු බියෙන් තොරවල අනුගමනය කල යුතුයි යන්න පෙන්වාදෙන ආදර්ශයකිග තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන්, නියත වශයෙන්මල සංවිධානාත්මක පිරිස්රැු කරදරකාරයින් සුලබය. ඇතැමෙක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම අදාල සංස්කෘතිය නිෂ්ඵල වෙනවා දකින්නට අවශ්‍ය අතරල තවකෙකු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල දෝෂ සම්බන්ධව කුපිත වී සිටි.
කෙසේ වුවත්, තවකෙකු වෙත ඇගිලි තුනක් දික් කර විටල තමන්ටද ඇගිලි දෙකක් දික්වන බව මතක තබා ගත යුතුයි. උතුම් ආගම් අපහට උගන්වා ඇති පරිදී, "සත්‍ය සැමදා ජය ගනී".
මේ අතර, රජයද තොරතුරු දැනගැනීමේ අයතිවාසිකම් නීතියට අනුව සෙමෙන්නමුත් ස්ථිරවම කටයුතු කරයි. කැබිනට් මණ්ඩලයල තොරතුරු නිළධාරියෙක් පත් කිරීම මෙයට නිදසුනක් ලෙස ගත හැකිය.විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු තවත් අමාත්‍යංශයද මෙම ක්‍රියාව අනුගමනය කර ඇත. මොරටුව නගර සභාව එහි ස්වේච්ඡා අනාවරණ අවශ්‍යතා වලට අනුකුලව කටයුතු කිරීමද සතුටුදායක පුවතකි.
එම නගර සභාව රුපියල් මිලියන 27 ක මුදල් ප්‍රමාණයක් වෙන් කරන ලද ව්‍යාපෘති ලැයිස්තුවක නම් ප්‍රසිද්දියේ ප්‍රචාරය කරන ලදී. එම දැන්වීම පල කරන ලද්දේ "2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ඇති ප්‍රතිපාදන අනුව", ලැයිස්තුගත ව්‍යාපෘති වලින් බලපෑමට ලක්විය හැකි ඕනෑම පුද්ගලයන්ගේ අවධානය පිණිස යැයි කියා පාමින්ය.
කානු අලුත් වැඩියා කිරීම, පාරවල් ඇතිරවීම සහ මායිම් තාප්ප ඉදිකිරිම යන ආදීය මෙම ව්‍යාපෘති 40 ට අඩංගු වේ.
එමෙන්ම, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වැනි වෘත්තීය ආයතනයන්ද, තොරතුරු දැනගැනීමේ අයතිවාසිකම් නීතියට එකඟවෙමින් තොරතුරු නිළධාරිවරයෙක් පත් කිරීම මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අදාළ වන තොරතුරු විධිමත්ව එහි වෙබ් අඩවියේ පල කිරිමද මෙම වැඩපිළිවෙල යම් මට්ටමකින් දිරිමත් කිරීමට හේතු සාධකවේ. එය සතුටුදායක පියවරකි. තොරතුරු දැනගැනීමේ පනතට අදාල වන රජයේ ව්‍යාපෘතිවල නිරත වී සිටින,රාජ්‍ය නොවන සංවිධාන වලට එරෙහිවද පැමිණිලි ගොනු වී ඇත.
මේ ආකාරයෙන් රෝපණය කරන තොරතුරු දැනගැනීමේ අයතිවාසිකමේ බීජ වල අස්වැන්න අනාගතයේ යම් දිනක නෙලා ගන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකියාවක් ඇත. එනමුත්ල ඵල ඇති වෘක්ෂයට ගල් ගසන්නා සේල මෙසේ අස්වැනු නෙලා ගැනීමට නොයෙකුත් බාධක සහ කරදර නොඅඩුව ඇත. ඒ නිසාවෙන්ම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම ඇතුළු තොරතුරු විමසන්නන් බාධක හමුවේ නොසැලී ක්‍රියාකරමින් ඉදිරියටම යා යුතුය. මන්ද, ආරම්භයේදී, ගල් මුල් හමුවේ නොපසුබටව ක්‍රියා කරන පුරෝගාමීන්හට මේ රට පසුකාලීනව සදා ණය ගැති වෙනවා නිසැකයි.
අනුග්‍රහය, the Daily Mirror, 10/03/2017 The Daily Mirror