තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව - මාධ්‍ය නිවේදනය
2017 පෙබරවාරි මස 10 දින කොළඔ
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන ඵලදායි ලෙස ක්‍රියාත්මකවීම කෙරෙහි මහජනතාව දක්වන උනන්දුව සහ සහයෝගය තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව බෙහෙවින් අගය කරයි.
පොදු අධිකාරීන් සම්බන්ධයෙන් වූ පනතේ විධිවිධාන 2017 පෙබරවාරි මස 03 දින සිට ක්‍රියාත්මක කරනු ලැබිණි. පණතේ එම විධිවිධාන ක්‍රියාත්මකවිම පිළිබඳව මහජනතාව දැනුවත්කිරිමේ පුවත්පත් දැන්වීම් 2017 ජනවාරි 29 සහ පෙබරවාරි 02 දිනවල භාෂා තුනෙන්ම ජාතික පුවත්පත්වල පළවිය. මෙකි පනත යටතේ, කොමිෂන් සභාව මධ්‍යගත නියාමන ආයතනය, ප්‍රතිපත්ති සම්පාදනයේ හා ක්‍රියාත්මක කිරිමේ ආයතනය මෙන්ම අභියාචනා විභාග කිරිමේ බලතල සතු ආයතනයද වන්නේය. තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම ප්‍රයෝජනයට ගන්නා අය මෙන්ම තොරතුරු ලබාදිම ක්‍රියාත්මක කිරීම කරන්නා වූ ආයතන ද පනතේ විධිවිධාන අනුව කටයුතු කිරිම තහවුරු කරමින් සහ ඊට අදාළ අභියාචනා විභාගකරමින් එකී දෙපාර්ශවයට මඟපෙන්වීමේ කාර්ය ව්‍යවස්ථාපිතව පැවරි ඇති කොමිෂන් සභාව ස්වාධීන ආයතනයකි.
ශ්‍රී ලාංකිය පුරවැසියන් හා ආණ්ඩුව අතර ප්‍රජාතන්ත්‍රවාදී සබඳතාවල ප්‍රමුඛ මට්ටමේ සාධනීය වෙනසක් ඇති කිරිම පිණිස මෙම පනත සම්මත කරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල සහ ව්‍යවස්ථාපිත ඒකකයන්, රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන, රජයේ පාලන බලයක් ඇති ව්‍යවස්ථාපිත මණ්ඩල, ප්‍රාදේශිය හා පළාත් අධිකාරින් මෙන්ම යුක්තිය පසිදලීම සඳහා පිහිටුවා ඇති උසාවි, අර්ධ අධිකරණ සහ ආයතන ආවරණය වන පරිද්දෙන් එකී සියලු පොදු අධිකාරින්ගේ විවෘතභාවය සඳහා වැදගත් වන නව වගවීම් ඒ මගින් පවරා ඇත.මීට ආණ්ඩුවත් සමඟ ක්‍රියාකරන හවුල් ව්‍යපාර, බලපත්‍ර මත, ගිවිසුම් සහ එකඟතාවයන් යටතේ වැඩකරන පෞද්ගලික අංශයේ ඒකකයන්ද (එනම් ඒවායේ ව්‍යවස්ථාපිත හා මහජන සේවය/ කාර්යය සම්බන්ධව අදාළ වන පරිදි) ඇතුළත්ය. එමෙන්ම, මහජනතාවට සේවය සපයන රාජ්‍ය නොවන සංවිධාන, රජය විසින් පුර්ණව හෝ යම් කොටසක් හෝ ආධාර ලබන යම් ලිඛිත නීතියක් යටතේ හදුනාගත් හෝ අවසර ලබාගෙන පිහිටුවන ලද උසස් අධ්‍යාපන, පෞද්ගලික, වෘත්තිමය හෝ කාර්මික අධ්‍යාපන ආයතන ද ඇතුළත් ය.
මහජන යහපත යටතේ නිෂේධනය කළ හැකි වන ඉතා සිමීත ව්‍යතිරේඛ අවස්ථාවන් කිහිපයකට යටත්ව, පූර්වෝක්ත පොදු අධිකාරින් භාරයේ පවතින තොරතුරුවලට ප්‍රවේශ විම සඳහා අයිතිවාසිකම දැන් පුරවැසියන්ට භාවිතා කළ හැකිය.
තාවකාලික කාර්යාල ඉඩකඩක් ලබාගෙන, ඉතා සීමිත කාර්ය මණ්ඩලයක් සමඟ අන්තර්කාලින ධාරිතාවයකින් යුක්තව, කොමිෂන් සභාව ක්‍රියාත්මකවී තවමත් ගෙවී ඇත්තේ ඉතා සුළු කාලයකි. ඒසේ වුවද සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාව සියලුම තොරතුරු අපෙක්ෂා කරන්නන්ට සහ පොදු තොරතුරු සපයන්නන්ට සහය දැක්වීමට හැකියාව සහ දැනුම සමඟින්, ශක්තිමත් සහ ස්වාධීන ලෙස ක්‍රියාකිරිමට කැපවී සිටියි. මෙම කොමිෂන් සභාව සමඟ එක්ව, නියමිත ගාස්තු අයකිරිම සහ අභියාචනා ක්‍රියාපටිපාටිය සඳහා අනුනීති හා රෙගුලාසි සකස් කර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විධිමත් තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරිම සඳහා මෙකී රෙගුලාසි 2017 පෙබරවාරි 03 දින රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරිමට ක්‍රියා කර ඇත.
මෙම රෙගුලාසි, අනෙකුත් කරුණු අතර පුරෝගාමි ව තොරතුරු ලබා දිමේ යුතුකම ශක්තිමත් කරයි. මෙම රීති රෙගුලාසිවල විවෘත සහ යලි භාවිතා කිරිමේ ප්‍රතිපත්තිය මෙන්ම තොරතුරු නිලධාරින් පත්කිරිම සඳහා ක්‍රමවේදය පැහැදිලිව දක්වා ඇත. මෙම රීතින් මහජන හිතකාමී ගෙවීම් උපලේඛනයක් නියම කරයි; අභියාචනා ලිහිල් හා විධිමත් භාවයෙන් විභාග කිරිමට ප්‍රතිපාදන සලසයි. තවද නම් කරන ලද නිලධාරියාට හෝ කොමිෂන් සභාවට තම අභියාචනය සාර්ථකව ඉදිරිපත්වන අවස්ථාවලදී තොරුතරු සඳහා ගාස්තු අය නොකරන බවට ද ප්‍රතිපාදන සලසයි.
තොරතුරු සඳහා ප්‍රවේශයට ඇති අයිතිවාසිකම පිළිබඳ පනතේ මුඛ්‍ය පරමාර්ථය වන වගවිමේ සහ විවෘතභාවය සහිත සංස්කෘතියක් ශ්‍රි ලංකාවට හදුන්වාදිම සාර්ථක කර ගැනිම පිණිස පුරවැසියාගේ සක්‍රීය ප්‍රතිචාරය සහ සහභාගිත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව කොමිෂන් සභාවේ පිළිගැනිමයි. ඒ සඳහා පුර්වගාමී සහ පූර්ණ මහජන සහභාගිත්වය කොමිසම අපේක්ෂා කරයි.
ලිපිනය : කාමර අංක 203-204 ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා
පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 .
දුරකථන : 011 2691626
ෆැක්ස් : 011 2691625