පරිශීලකයන්ගේ ඇගයුම:  5 / 5

සක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්න
 

photo srilanka

2017 සැප්තැම්බර් 7- මානව හිමිකම් මධ්‍යස්ථානය (CHR) විසින් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝජිත සාමාජිකයන් ගෞරවයෙන් පිළිගැනීම පසුගිය 6 වැනිදා සිදුවිය. එම කොමිෂන් සභා සාමාජික නියෝජනය, තොරතුරු කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනෙකුගෙන්, අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් මෙන්ම කොමිෂන් සභාවේ නීති හා පර්යේෂණ නිලධාරිනියගෙන් ද සමන්විත විය. එහිදී මෙම නියෝජිත මඬුල්ල මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය ෆ්රාන්ස් විල්ජොයන් සහ තොරතුරු ප්‍රවේශ අංශය (ATI) හි ප්‍රධානී ආචාර්ය ලෝලා ෂයිලොන් මුණගැසීම සිදුවිය.

දොළොස් වසරකට අධික කාලයක් මුළුල්ලේ තොරතුරු පනත වෙනුවෙන් උපදේශාත්මක සංවාද සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මසදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත් කෙටුම්පත නීතියක් බවට සම්මත කර ගන්නා ලදී. 2017 පෙබරවාරි මස නීතියක් වශයෙන් ක්රියාත්මක භාවයට පත්වූ මෙම තොරතුරු පනත ලෝකයේ වඩාත්ම ප්‍රගතිගාමී නීතියක් වශයෙන් පුළුල් ලෙස පිළිගැනේ. 2016 වසරේ දෙසැම්බරයේදී කොමිෂන් සභාවේ පූර්ණ සාමාජිකත්වය සපිරීම සඳහා ඉතිරි සාමාජිකයන් දෙදෙනා ද පත්කිරීමෙන් පසු සහ පනත ක්‍රියාත්මක භාවයට පත්වීමෙන් අනතුරුව කොමිෂන් මේ වන විට විශාල ලෙස ප්‍රතිඵල ලද හැකි, තොරතුරු පනතේ ක්‍රියාත්මක භාවය පිළිබඳ නියම කරගෙන ඇති අධීක්ෂණ කාර්යයෙහි නිරත වී සිටියි.

මේ අනුව කොමිෂන් සභාව CHR හමුවීමේ අරමුණ වූයේ ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරීමේ මූලධර්මයේ හොඳම භාවිතයන් ආයතනගත කිරීමේදී මුහුණ දෙන අභියෝග, රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශය සම්බන්ධයෙන් ATI නීතීන්ගේ යෙදීම සහ වාර්තා පවත්වාගෙන යාමේ අභියෝගයන්ට මුහුණ දීමේදී තොරතුරු ඩිජිටල්කරණය වෙත සුවිශේෂී අවධානයක් යොමු කරමින් අප්‍රිකානු මහද්වීපය තුළ ඔවුන් විසින් සිදුකරන තොරතුරු ප්‍රවේශය පිළිබඳ පර්යේෂණ, පුහුණු, උපදේශනය පිළිබඳ අත්දැකීම් හැදෑරීමට ලක් කිරීමයි.

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ප්රාමාණිකව පවතින ප්‍රගාමී අන්තර්ගතය සහ අප්‍රිකාවේ තොරතුරුවලට ප්රවේශ වීමේ ආදර්ශ නීතිය සමග එය සැසඳීම සම්බන්ධයෙන් අදහස් සහ තොරතුරු හුවමාරු කර ගැනීම මෙහිදී සිදුවිය. තවද දකුණු අප්‍රිකාවේ තොරතුරුවලට ප්‍රවේශ වීමේ නීතිය ක්‍රියාත්මක භාවයට පත්කිරීම පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ක්‍රියාවට නැංවීමේදී ඇතිවිය හැකි අනාගත අභියෝගද මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ අප්‍රිකාවේ තොරතුරු ප්‍රවේශය පිළිබඳ විශේෂ වාර්තාකරු, කොමසාරිස් පැන්සි ලාකුලා ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන මහද්වීපය පුරා තොරතුරු ප්රවේශය පිළිබඳ ආදර්ශ නීතිය ක්‍රියාවට නැංවීමේදී සහ උපදේශනය සිදුකිරීමේදී උගත් පාඩම් ද මෙහිදී මානව හිමිකම් මධ්‍යස්ථානය සහ එහි සහකරුවන්ගේ සහයෝගය ඇතිව බෙදාහදා ගැනීම සිදුවිය.

මෙම සංචාරයල ආයතන ද්විත්වය අතර තොරතුරු බෙදාහදා ගැනීම් ගණනාවක ආරම්භය සහ ඵලදායී සහයෝගිතාවයක් වෙනුවෙන් සිදුකළ ප්‍රථම පියවරක් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෑත කාලීන අභියාචනා තීන්දු (2023)

2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩු

Release of Information in Public Interest Appeals/Substantive Documents (SELECTED), 2023

Vacancies

No result...

මෑත කාලීන අභියාචනා තීන්දු (2022)

 

uafi rti

Global Information Commissioners Meet in Manila, June 2023 - RTI Commissioner Kishali Pinto-Jayawardena speaks at plenary sessions

වත්මන් පෞද්ගලික විභාග කිරීම්