පරිශීලකයන්ගේ ඇගයුම:  4 / 5

සක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නඅක්‍රිය කරන්න
 
  • තොරතුරු දැනගැනීමේ පනතේ 24(1) වගන්තිය අනුව පොදු අධිකාරිය වෙත මුල් අවස්ථාවේදී තොරතුරු ඉල්ලීමක් විද්‍යුත් තැපෑලෙන් (ඊ මේල් මගින්) ඉදිරිපත් කළ හැක.
  • කෙසේ නමුත් තොරතුරු කොමිෂන් සභාව වෙත කරනු ලබන අභියාචනයක් (ඇපෑලක්) විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා යැවිය නොහැක.
  • 2004/66 දරණ, 2017.02.03 දින ගැසට් කරන ලද අභියාචන සහ ගාස්තු කාර්යපටිපාටියේ 13(2) රීතිය අනුව මෙවැනි අභියාචනයක් (ඇපෑලක්) යැවිය හැක්කේ ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව ගොස් භාරදීම (නිසිලෙස බලය ලබාදුන් නියෝජිතයෙකු මගින් එවීම ද ඇතුළත්ව) මගින් පමණි.
  • කොමිෂන් සභාව වෙත විද්‍යුත් තැපෑලෙන් (ඊ මේල් මගින්) අභියාචන එවීමට අවසර නොමැත්තේ අභියාචනයේ මෙම දෙවැනි අදියරේදී වංචාවන් සහ අවනිදේශනයන් (වැරදි නියෝජනයන් හෙවත් සාවද්‍ය කරුණු ඉදිරිපත් වීම්) සිදුවීම වළක්වා ගැනීම සඳහා ය.
  • පොදු අධිකාරියක නම් කරන ලද නිලධාරියෙක් සිටියි නම් තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනය කළ හැක්කේ නම් කළ නිලධාරියා වෙත අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණි.
  • නම් කළ නිලධාරියෙක් නොමැති නම්, 2016.10.10 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අංක 01/2016 දරණ චක්‍රලේඛයේ විෂයපථය අනුව දෙපාර්තමේන්තු/ආයතන/අංශ ප්‍රධානියා නම් කළ නිලධරයා බවට පත්වෙයි.
  • නම් කළ නිලධරයාගෙන් ප්‍රතිචාරයක් නොමැති නම්, එම ප්‍රතිචාරය ලබාදිය යුතුව තිබූ සති තුනක කාලපරිච්ඡේදයෙන් පසුව කොමිෂන් සභාව වෙත අභියාචනය කළ හැකිය.
  • පොදු අධිකාරියක් විසින් තොරතුරු නිලධරයෙකු හෝ නම්කළ නිලධරයෙකු පත් කර නොමැති නම් මෙවිට තොරතුරු ඉල්ලා සිටින්නා ට එම පොදු අධිකාරියේ ප්‍රධානියා/ප්‍රධාන විධායක නිලධරයා වෙත (පනත යටතේ තොරතුරු නිලධරයා බවට පත්වන) ඉල්ලීමක් ඉදිරිපත් කර ඉන්පසු කෙළින්ම කොමිෂන් සභාව වෙත පැමිණිය හැකිය.
  • කොමිෂන් සභාව වෙත එවන අභියාචනාවක් පනතේ 3(1) වගන්තියට අනුකූලතාවය පිළිබිඹු කරන පුරවැසිභාවය ප්‍රකාශ කිරීම පිළිබඳ කරුණ ද ඇතුළත් ව සහ නම් කළ නිලධරයාට යවන ලද අභියාචනයෙන් ද සමන්විත විය යුතුය.

Recent Decisions in Appeal (2023)

මෑත කාලීන අභියාචනා තීන්දු

 

uafi rti

වත්මන් පෞද්ගලික විභාග කිරීම්