මාධ්‍ය නිවේදනය - තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
2019 ඔක්තෝම්බර් 08 වැනි දින
2019 සැප්තැම්බර් 28 වන දිනට යෙදී ඇති තොරතුරු වෙත පොදු ප්‍රවේශය ලබා දීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින්, ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත සහ තොරතුරු දැන ගැනීමේ තන්ත්රය පිළිබඳ ව කොළඹ සහ පළාත්වල පොදු අධිකාරීන් සමඟ සාකච්ඡා මාලාවක් පවත්වන ලදී. මෙහි නවතම වැඩසටහන ශ්‍රී ලංකාවේ ‘ආදිවාසී’ ප්‍රජා නායක ඌරුවාරිගේ වන්නිලත්තන් ගේ සහභාගීත්වයෙන් මහියංගනයේ දී පසුගියදා පැවැත්විය. ආදිවාසී' නායක තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට තම ප්‍රජාවේ සුබ පැතුම් පිරිනැමූ අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ ජනතාවට යහපත් ප්රතිලාභ ගෙන ඒමට අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි සුභවාදී අදහස් පළ කළේය. තවද තොරතුරු දැන ගැනීමේ පනත පුද්ගලික අමනාපකම් පිරිමසා ගැනීම සඳහා යොදා නොගැනීමට සැලකිලිමත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
මාධ්‍ය නිවේදනය (08-10-2019) බා ගත කරන්න